Skip to main content

Posts

හෙද සේවය

හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම

හෙද සේවය පිළිබදව වූ අර්ථ දැක්වීම සහ එහි ප්‍රායෝගික ක්‍රියාකාරකම් කාලයෙන් කාලයට කැපීපෙනෙන ලෙස වෙනස් වුවද සියළුම සංස්කෘතීන් තුළ හෙද සේවය පැවත ඇත. අතීතයේදී හෙද සේවය පිළිබදව ඉංග්‍රිසී භාෂාවෙන් කරන ලද විග්‍රහ කිරීමකට අනුව කුඩා දරුවකු හට මව්කිරි දීම සහ රැක බලාගැනීම සදහා යොදවන ලද කාන්තාවක් හෙදියක් ලෙසට හැදින්වුණි. මුලින් සදහන් කරන ලද කාර්ය ඉටු කරන හෙදිය කිරි මව ලෙසද පසුව සදහන් කරන ලද කෘත්‍ය ඉටුකරන හෙදිය අංකපාලි ලෙසද හැදින්වුණි. 15 වන ශතවර්සයේදී කාන්තාවක් හෝ වෙනත් පුද්ගලයෙකු මගින් වෙනත් අයෙකු රැක බලා ගැනීම හෝ උපදෙස් දීම පිළිබදව අදහසක් ගොඩ නැංවුණි. මේ සංකල්පය මත පදනම්ව හෙද සේවය වර්ධනය වූ අතර රැක බලාගැනීම යන අදහස වඩාත් පුළුල් ලෙස නූතන හෙද සේවයෙහි ජීවිතයේ ගුණාත්මක බව වර්ධනය කරගැනීම සදහා යොදා ගැනේ. නූතන හෙද සේවය සොයා ගැනීමට ප්‍රථම මෙහෙණිවරුන් සහ හමුදා සේවකයින් විසින් සේවාවක් ලෙස හෙද සේවය සපයන ලදී. නූතන හෙද සේවයෙහි පුරාතන ආගමික සහ යුධමය සාක්ෂි අද වුවද බොහෝ රටවල දක්නට ඇත. උදාහරණයක් ලෙස බ්‍රිතාන්‍යයෙහි ජේෂ්ඨ හෙදියන් සිස්ටර් හෙවත් කන්‍යා සොහොයුරිය යන තේරුම ඇතිව භාවිතා කරයි. හෙද සේවයෙහි ඉත

Latest Posts